ශිරාණි බණ්ඩාරනායකට සහ ප්‍රේමලාල් ජයසේකරට කථානායකගෙන් නීති දෙකක් ඇයි ? ( VIDEO)

September 17, 2020 at 4:29 PM

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව එම අවස්ථාවේදී පිළිගැනීමට එවකට සිටි පාර්ලිමේන්තුව පියවර නොගැනීමත්, ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තුව පිළිගැනීම සම්බන්ධයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදහස් පළවුනා.

මෙහිදී මාධ්‍යවේදියෙක් විමසා සිටියේ අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධයෙන් ගත් තීන්දුව එවකට ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ගැනීමට නොතිබුණා නොවේද යන්නයි.

එහිදී කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ හිටපු අගවිනිසුරුවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාවක් විසින් ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කළ බවයි.

මේ එම සිදුවීම සම්බන්ධයෙන් ඇතිවූ සංවාදයයි,