පාරිභෝගිකයින්ට උසස් අත්දැකීමක් පිරි නැමීමට මෙන්ම අලෙවි ජාලය දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා සිංගර්, SLIM සමගින් අත්වැල් බැඳ ගනියි

September 17, 2020 at 12:06 PM

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, සිය පාරිභෝගිකයින් හට උසස් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ශ්‍රී ලංකාවේ දක්ෂ අලෙවිකරුවන් බිහි කිරීමේ ප්‍රමුඛයා වන SLIM සමග අත්වැල් බැඳ ගනියි. බලකාය සතු අලෙවි හා පාරිභෝගික සේවාවන් ඉහළ නැංවීමට අවශ්‍ය දැනුම, හැකියාවන් සහ ආකල්ප දියුණු කිරීමේ අරමුණ ඇතිව, සිංගර් ආයතනය SLIM ආයතනය සමගින් එක්ව සිල්ලර සේවාවන් අලෙවිය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව මෙමගින් පිරි නමා ඇත.

ඒ අනුව, දිවයින පුරා ව්‍යාප්ත සිංගර් ප්‍රදර්ශනාගාර මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික සේවාවන් සම්බන්ධයෙන් විශිෂ්ට පුහුණුවක් ලැබූ කාර්ය මණ්ඩලයක සහය සිංගර් පාරිභෝගිකයින් හට පිරිනැමේ. SLIM හා අත්වැල් බැඳ ගනිමින්, සිය අලෙවි ජාලය මෙලෙස දැනුමෙන් සන්නද්ධ කිරීමට සිංගර් කටයුතු කිරීම හේතුවෙන් වඩාත් ප්‍රශස්ත පාරිභෝගික සේවාවක් සැලසීමට අමතරව, ඔවුන් අනාගත නායකයින් බවට පත් කරලීමේ සිංගර් ප්‍රයත්නය සඵල කර ගැනීමටද මග සැලසේ.

නිරතුරුවම ආයතනය පිළිබඳ විශ්වාසය තැබූ තෘප්තිමත් සේවක පිරිසකගෙන් සමන්විත සිංගර් ආයතනය ඉකුත් වසර ගණනාව තිස්සේම, ශ්‍රී ලංකාවේ ප්‍රකට වී ඇත්තේ සේවය කිරීම සඳහා හොඳම ආයතනයක් වශයෙනි. එම පිළිගැනීම සමග වසරින් වසර පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කරමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමටද සිංගර් සමාගමට හැකි වී තිබේ.

“සිංගර් කියන්නේ දිවයින පුරා විසිරී තිබෙන ශක්තිමත් අලෙවි ජාලයක් සහිත විශාලතම සමාගමක්. විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා සැදී පැහැදී සිටින සමාගමක් වශයෙන්ද සිංගර් ප්‍රසිද්ධියක් උසුලනවා. මෙම අත්වැල් බැඳ ගැනීම, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සිංගර් පිළිබඳ තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කෙරෙන්නක්. එමෙන්ම, අපගේ අලෙවි කණ්ඩායම තවදුරටත් දැනුමෙන් සන්නද්ධ කිරීම මගින් විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් සැලසීමට හැකියි. ඒ හේතුවෙන් අඛණ්ඩව ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වීමටත් සිංගර් වෙත හැකියාව සැලසෙනවා.” සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.

SLIM ආයතනය හා අත්වැල් බැඳ ගනිමින්, සිංගර් හඳුන්වා දෙන මෙම සිල්ලර සේවාවන් අලෙවිය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව හැරුණු විට, සිය අලෙවි කාර්ය මණ්ඩලය දැනුමෙන් සන්නද්ධ කිරීමේ අරමුණින්, මේ වන විට සිංගර් මූලිකත්වයෙන්, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචිය යටතේ ක්‍රියාත්මක වන සිංගර් රීටේල් ඇකඩමියද පිහිටුවා ඇත. එම ඇකඩමිය මගින් පාරිභෝගික කටයුතු හා සිල්ලර සේවා මෙහෙයුම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව පැවැත්වෙන අතර, එය සාර්ථකව හදාරා අවසන් කරන පිරිසට එහිම පැවත්වෙන සිල්ලර සේවා අලෙවිකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා යොමු වීමේ හැකියාව පවතී. මෙම සිල්ලර සේවා අලෙවිකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සකස් වී ඇත්තේ,‍් මූලික න්‍යායන්ගේ සිට උසස් අලෙවිකරණ සංකල්ප දක්වා වන අලෙවිකරණ න්‍යායන් සියල්ල එකට ගොනු කරමිනි.

SLIM ආයතනය හා එක්ව සිංගර් පිරිනමන මෙම සිල්ලර සේවාවන් අලෙවිය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව පිළිබඳව අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් හා ව්‍යාපාර ඒකාබද්ධතා අධ්‍යක්ෂ, රොෂාන් කුලසූරිය මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“නායකත්ව කාර්යභාරයන්ට උර දීම සඳහා පුහුණු කළ හැකි, ඒ සඳහා උනන්දුවක් දක්වන 3000 කට අධික අලෙවි කාර්ය මණ්ඩලයක් අප සතුව සිටිනවා. මෙම අලෙවි ජාලය දැනුමෙන් සන්නද්ධ කර, වඩාත් උසස් පාරිභෝගික සේවයක් සලසා දීම අපගේ අරමුණයි. මෙම පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව SLIM වෙතින් සහතිකයක් හිමි කර ගැනීම ඔවුන් අනාගතය වෙනුවෙන් සිදු කරන ඵලදායී ආයෝජනයක් හැටියටයි අපි විශ්වාස කරන්නේ.”

නිරතුරුවම තම සේවාදායකයින් වෙත අසමසම පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීම සිංගර් ආයතනයේ ඒකායන අරමුණ වී තිබේ. එමෙන්ම මෙය සිංගර් හි ආයතනික ඉලක්කයන් වන තම අලෙවි බලකාය වෙත වෘත්තීමය නිපුණතාව සහ වෘත්තීමය සුදුසුකම් සපුරාලීමට අවස්ථාව සැලසීම සමගින්ද ඒකායන වේ.

දීප ව්‍යාප්ත මටටමින් ප්‍රශස්ත පාරිභෝගික සේවාවක් සැලසීමට සිය අලෙවි ජාලය දැනුවත් කිරීමේ අරමුණින් මෙලෙස SLIM හා අත්වැල් බැඳ ගෙන සිටින පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සිංගර්, ඉහළම තත්ත්වයේ දේශීය හා ජාත්‍යන්තර සන්නාමයන්හි භාණ්ඩ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියක් උසුලයි. දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර 430 කට අධික සංඛ්‍යාවක් මගින්, ජාත්‍යන්තරව පිළිගත් සන්නාම 50 කට අධික සංඛ්‍යාවකින් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ 600 කට අධික ප්‍රමාණයක් හා ගෘහ උපකරණ 1200 ක ප්‍රමාණයක් සිංගර් පාරිභෝගිකයින් වෙත ගෙන එයි. SLIM-Nielson ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව වසර 14 තිස්සේම සිංගර්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජනතා සම්මානය ලෙසින් ගෞරවයටද පාත්‍ර වී තිබේ.

මෙය ශ්‍රී ලාංකීය ජනතාව තුළ සිංගර් සමාගම පිළිබඳව ඇති, අති විශිෂ්ට විශ්වාසය පිළිබිඹු කිරීමට හොඳම නිදසුනකි.