ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාවේ වාහන නැවැත්වීම තහනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

September 16, 2020 at 7:17 AM

මහා මාර්ග අමාත්‍යංශය ට අදාල කටයුතු සම්බන්ධයෙන් ජනපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර,

ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02ක් රෝපණය කිරීමට ද එහි දී තීරණය කෙරිණ.

ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයැයි ද ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව දෙකෙන්ම විය යුතු අතර, උප කොන්ත්‍රාත්දීමට කිසිවිටෙකත් ඉඩ නොදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පුර්ණයෙන් නතර කරන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

මහල් නිවාස සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ දී රථ වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළයුතු යයි ද එතුමා කියා සිටියේය