දේශීය වෙළඳපොල හා ටයර් ආනයන කරුවන්ගේ දැක්ම

September 10, 2020 at 4:34 PM

Birla Tyres board to consider Rs 1,100 cr fund raising - The Economic Times

දළ වශයෙන් වසරක්  තුල අපගේ මුළු ටයර් වෙළඳපොල අවශ්‍යතාවය වන්නේ 3,118,500 කි.එයට සාපේක්ෂව සමස්ත දේශීය ටයර් නිෂ්පාදන ධාරිතාවය 1,865,000 වන අතර ආනයනය කරන ලද ටයර් සඳහා වාර්ෂික වෙළඳපොල පරිභෝජන අවශ්‍යතාවය 1,253,500කි.එමෙන්ම පසුගිය වසර 03 සඳහාආනයන කල මුළු ටයර්ප්‍රමාණය ; 2019වර්ෂයේදී 1,221,315ක් ,2018 දී 1,419,534 ක් සහ 2017 දී 1,459,308 කි.

“මුල් නිෂ්පාදන රේඩියල් ටයර්”භාවිතය

ප්‍රකට ගෝලීය වාහන නිෂ්පාදකයින් විසින් වාහනයක දිර්ඝකාලින ක්‍රියාශීලිත්වය,සුවපහසුව හා ආරක්ෂාව සදහා “මුල් නිෂ්පාදන රේඩියල් ටයර්”  භාවිතය පමනක්නිර්දේශ කරනු ලැබේ. එවැනි අති නවීන වාහන හිමිකරුවන් විසින්  “මුල් නිෂ්පාදන රේඩියල් ටයර්” සන්නාම පමණක් තෝරා ගැනීමට රුචික්තවයක දැක්වීම ස්වභාවිකය. මේ සදහා විවිධ සන්නාම නාමයන්ගෙන් හදුන්වනු ලබන  තත්ත්වයෙන් ඉහල නොයෙක් වාහන මාදිලිවලට  නිර්දේශ කළ ඒ ඒ “මුල් නිෂ්පාදන රේඩියල් ටයර්” මිලදී ගැනීමට  හැකි ආවකාශය වෙළද පොලෙහි ගම්‍ය විය යුතුය. එයට හේතුව  විශේෂයෙන්ම “මුල් නිෂ්පාදන රේඩියල් ටයර්” භාවිත කිරීම සදහා නිර්දේශිත ජාත්‍යන්තර උපදෙස් මාලාවට පටහැනිව ප්‍රමිතියෙන් තොර විකල්ප ටයර් භාවිතා නොකිරීමට වාහන හිමීකරුවන් ඉතා පරික්ෂාකාරීවීමය. සැමවිටම වාහන හිමිකරුවන් විසින් රේඩියල් වර්ගයේ“මුල් නිෂ්පාදන ටයර්” භාවිතා කිරීම සදහා  ප්‍රබල ප්‍රවණතාවයක් නිරායාශයෙන් නිර්මාණයවේ.රේඩියල් ටයර් නිෂ්පාදනය සදහා ප්‍රචලිත කාර්යක්ෂම ඉංජිනේරු තාක්ෂනය ලෙස සැලකෙන්නේ ලොව දැනට ශක්තිමත් ලෙස ප්‍රතිස්ථාපිත “ සුපිරි රේඩියල් ටයර්”  ශිල්පීය  ක්‍රම වේදයයි. 2019 දත්තයන්ට අනුව ටයර් ආනයනය  කිරීම තුලින් රුපියල් බිලියන 4.5 ක් පමණ වන රේගු බදු ආදායමක් රජය  වෙත උත්පාදනය කරන ලදී.

කෙසේවෙතත්, රජය විසින් දැනට තාවකලිකවටයර් ආනයනය සිමා කර තිබීම හේතුවෙන් පාරිභෝගිකයාගේ දෘෂ්ටි කෝනයෙන් බලන කළ කිසියම් අපහසුතාවයක් පැනනැගී තිබෙන බව විද්‍යමාන වේ. ප්‍රවාහන පද්ධතියට  සිදුවෙන මෙවන් කිසියම් අවහිරයක් වෙතොත් එය සමස්ථ ආර්ථික දේහයේ ක්‍රියාත්මකතාවය කරෙහි බලපෑමක් ඇතිවිමට තිබෙන අවස්ථාව යථාර්තයකි. අවශ්‍ය උසස් වර්ගයේ ටයර් ආනයන ක්‍රියාවලිය පෙර පරිදි සිමා නිර්නයන්ගෙන් තොරව ආරම්භකිරීම මේ සදහා දැන් පවතින යෝග්‍ය පියවර  වේ.