බ්‍රිතාන්‍ය ලීගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සම්භව්‍යයක් ඇති ජෙසින්තා ගලබඩආරච්චි

September 7, 2020 at 11:32 PM

පසුගිය වර්ෂයේදී එංගලන්ත ලීගය සඳහා පළමු වරට ක්‍රීඩා කිරිමේ දුර්ලභ ගණයේ අවස්ථාවක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සම්භව්‍යක් ඇති ජෙසින්තා ගලබඩආරච්චි හිමිකම් කියනු ලැබුවා.19 හැවිරිදි ජසින්තා මේ වන විට වෙස්ට් හැම් කාන්තා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබන්නීය.

ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ඉදිරි පෙළ ක්‍රීඩිකාවක් වන ජෙසින්තා පළමුවරට පාපන්දු ක්‍රීඩා කිරිමට ආරම්භ කරනු ලැබුවේ ඇයට වයස අවුරුදු 05 දීය. ඒ ඇයගේ සොහොයුරා ක්‍රීඩා කරනු ලබන අයුරු දක්නට ලැබීමෙන් අනතුරුවයි.

වයස අවුරුදු 09 දී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ජෙසින්තා හට පෙර පුහුණුවීමක් සඳහා ආරාධනා කරනු ලැබිය. පසූව ඇයට මැන්චෙස්ටර් සිටි හි W.F.C. ඇකඩමියේ පුහුණුවීම් සඳහා ආරාධනා කරනු ලැබූ අතර ඇය එහිදී සති 08ක කාලයක් ගත කරනු ලැබිය.

ජෙසින්ඩා ගේ පියා උපතින්ම ශ්‍රී ලාංකික ජාතිකයෙක් වන අතර ඇයගේ සියා සහ ආච්චි හරහා ඇය ඉතාලි සම්භව්‍යයකටද උරුමකම් කියනු ලබනවා.