IPL ගිය චෙන්නායි සුපර් කිංග්ස් පිලේ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

August 29, 2020 at 1:18 PM

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගිවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර එම කණ්ඩායමේ සිටින ඉන්දීය ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකුට හා කාර්ය මණ්ඩලයේ නිලධාරින් 10 දෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබුණා.