සුරේෂ් රයිනා IPL තරගාවලියෙන් ඉවත් වෙයි

August 29, 2020 at 12:12 PM

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා ගොස් සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන සුරේෂ් රයිනා තරගාවලිය ආරම්භයටම පෙර ඉන් ඉවත්වී තිබෙනවා.

තමාගේ පෞද්ගලික හේතුවක් මත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීමට නොහැකි බව සුරේෂ් රයිනා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහු අද දිනයේදී ඉන්දියාවට පැමිණ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.