චන්දිමාල් ගෙන් වාර්තාවක් : දේශීය පළමු පෙළ තරගයේදී නොදැවී ලකුණු 354ක් රැස් කරයි(VIDEO)

August 26, 2020 at 4:09 PM

දේශීය පළමු පෙළ තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරිමට දිනේෂ් චන්දිමාල් අද සමත්වුණා.

යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් විසින් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 354ක් රැස් කරගනු ලැබුවා.

චන්දිමාල් ගේ මෙම ඉනිමට පන්දු 391ක් වැයවූ අතර එහිදී ඔහු හතරේ පහරවල් 33ක් හා හයේ පහරවල් 09ක් එල්ල කරනු ලැබුවා.