උසේන් බෝල්ට කොරෝනා ආසාදනය වෙයි

August 24, 2020 at 8:51 PM

 

‪ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.‬

මිට දින කිහිපයකට පෙර ඔහු සිය 34 වෙනි උපන්දිනය සමරනු ලැබුවා.

හිටපු ජැමෙයිකානු ධාවන ශුරයා මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල අද ලැබී තිබෙනවා. එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත්තේ