පුංචි ක්‍රීඩකයින්ට නාමල්ගෙන් ලොකු තෑග්ගක්

August 20, 2020 at 1:37 PM

කරාතේ,ටයිකොන්ඩෝ යනාදී ක්‍රීඩාවන් හී දැනටමත් ජාතික හා ජාත්‍යන්තර දක්ෂතා දක්වා ඇති ගාල්ල ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරතන කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අවසන් කර ක්‍රීඩා කිරීමට සුදුසු පාසලක් නොමැතිව පීඩා විදි පුංචි ක්‍රීඩකයින් සිව්දෙනෙකු පිළිබදව පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් තොරතුරු වාර්තා කර තිබුනා.

මේ පිළිබදව සොයා බැලු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ,දෙසිදු සමරතුංග,හිරුන් ජයවර්ධන, මලිත මධුෂාන්,කේසර බුද්ධිමාල් යන මෙම පුංචි ක්‍රීඩකයින්ට සුදුසු පාසලක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබුනා. ඊට ප්‍රතිචාර දක්වමින් අදාල සිසුන්ට සුදුසු පාසලක් ලබාදීම අද අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදුකෙරුණා.