සිය ජිවිතයේ පළමු කාර් රථය යලි සොයන සුපිරි ක්‍රිකට් තරුව

August 20, 2020 at 11:11 AM

ලොව අග්‍රගණයේ පිතිකරුවෙකු ලෙස විරුදාවලිය ලත් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් තම රසිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකොට තිබෙනවා.

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔහු සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටියේ සිය ජිවිතයේ පළමු වරට මිලදී ගනු ලැබූ මෝටර් රථය සොයා ගැනීමට උපකාරවන ලෙසයි.

“මම උපයා ගත් මුදල් වලින් පළමුව මිලදී ගත්තේ මරුටි 800 වර්ගයේ කාර් රථයක්. නමුත් අවාසනාවකට එම කාර් රථය අද මා සතුව නැහැ. එය යළි මා සතු කර ගැනීමේ ආශාවක් තිබෙනවා. කවුරුන් මෙය අසාගෙන සිටිනවා නම් මාව අමතන්න” සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එම රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ කර සිටියා