ඔබ නොදන්න, මොබයිල් OS, APP Store සහ Huawei AppGallery ගැන 

August 8, 2020 at 1:23 PM

“Mobile Operating System” එසේත් නොමැති නම් ‘ජංගම මෙහෙයුම් පද්ධතියක්’ යනු smartphone, Tablet, Smartwatch, 2-in-1 PC (2-in-1 PC යනු ලැප්ටොප් මාදිලියකට පරිවර්තනය කළ හැකි සහ ටැබ්ලට් මාදිලියක් ලෙස වෙන් කර වැඩ කළ හැකි උපාංගයකි), Smart speaker හෝ වෙනත් ජංගම උපාංග සඳහා භාවිතා කළ හැකි මෙහෙයුම් පද්ධතියකි. එදිනෙදා ජීවිතයේ භාවිතා වන ලැප්ටොප් වැනි පරිගණක ‘ජංගම’ වුවත්, සාමාන්‍යයෙන් ඒවායේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති ‘ජංගම’ ඒවා ලෙස නොසැලකේ, ඒවා මුලින් නිර්මාණය කර ඇත්තේ Desktop වර්ගයේ පරිගණක සඳහා වීම මීට හේතුවයි. අතීතයේදී මෙම මෙහෙයුම් පද්ධතිවලට විශේෂිත ජංගම features නොතිබුණා සේම එවැනි features වල අවශ්‍යතාවයක්ද තිබුණේ නැත. Hybrid අකාරයෙන් නිර්මාණය ඇති සමහර මෙහෙයුම් පද්ධතිවල ඉහත සඳහන් මෙම වෙනස ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

ජංගම මෙහෙයුම් පද්ධතිවල විශේෂත්වය වන්නේ පුද්ගලික පරිගණක මෙහෙයුම් පද්ධතියක features මෙන්ම ජංගම හෝ අතින්/ ජංගම භාවිතයේදී ප්‍රයෝජනවත් වෙනත් features සමඟ combine කර තිබීම සහ බොහෝවිට wireless  inbuilt modem එකක් සහ mobile හා Data සම්බන්ධතාවය සඳහා Sim-tray එකක්ද අඩංගු වීමයි. 2018 වසරේ පළමු කාර්තුව වන විට smartphone මිලියන 383 කට වඩා අලෙවි වී ඇත. එයින් 86.2% ක් Android වන අතර 12.9% ක් iOS වර්ගයේ ජංගම දුරකථන වේ. අද වන විට ඉතා ජනප්‍රිය Desktop මෙහෙයුම් පද්ධතියක් වන Microsoft Windows වලට වඩා Android මෙහෙයුම් පද්ධති ජනප්‍රිය වී ඇති අතර සාමාන්‍යයෙන් smartphone භාවිතය (tablet උපාංග නොසළකා) Desktop භාවිතය අභිබවා ගොස් ඇත.

වර්ෂ 2017 සිට බහුතරයක් විසින් ජංගම මෙහෙයුම් පද්ධති භාවිතා කරනු ලබයි. (Web භාවිතය මගින් කරන ලද ගණනයකට අනුව) එසේම වෙනත් ඕනෑම උපාංගයකට වඩා smartphone (tablet උපාංග ඇතුළත් නොවේ) භාවිතා කරනු ලැබීමද විශේෂත්වයකි. වර්තමානයේදී සාම්ප්‍රදායික Desktop මෙහෙයුම් පද්ධති සුළුතරයක් විසින් භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධතියක් බවට පත්වී ඇත. කෙසේ වෙතත්, කලාපයන් අනුව ජනප්‍රියතාවයේ වෙනස්කම් දැකිය හැකි අතර Desktop භාවිතා කරන සුළුතරය එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි කලාපවලින් දක්නට ලැබේ.

App Store එකක් එසේත් නැතිනම් ඇප් වෙලඳපලක් යනු ඉලෙක්ට්‍රොනිකව විකිණීම සඳහා ඉදිරිපත් කර ඇති software title හෝ වෙනත් මාධ්‍ය සෙවීමට සහ සමාලෝචනය (search and review) කිරීමට ඉඩ සලසන ඕනෑම ඩිජිටල් වෙළඳසැලකි. වෙනත් ආකාරයකට විස්තර කළහොත්, App Store එක මඟින් මෘදුකාංග මිලදී ගැනීම, decode කිරීම සහ software Apps හෝ වෙනත් ඩිජිටල් මාධ්‍ය install කිරීම ස්වයංක්‍රීය, ආරක්ෂිත හා uniform අත්දැකීමක් බවට පත් කරයි.

App Store සාමාන්‍යයෙන් ඔවුන් පිරිනමන Apps සංවිධානය කරන්නේ: App එක විසින් සපයනු ලබන ක්‍රියාකාරිත්වය (Games, බහුමාධ්‍ය හෝ ඵලදායිතාව වැනි), Apps නිර්මාණය කර ඇති උපාංගය සහ Apps ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය අනුවයි.

හූවාවේ සමාගම මේ වන විට Huawei app gallery ලෙස තමන්ගේම ඇප් වෙලඳපලක් නිපදවා සියලු බාධක හා අභියෝග මැද ලොව විශාලතම ඇප් වෙලඳපල ත්‍රිත්වය අතරට පැමිණීමට සමත්ව තිබෙනවා  පවතී.  .මෙහිදී Huawei Mobile Services යටතේ අවශ්‍ය ඇප් ලබාගත හැකි අතර දැනට මිලියනයකට වඩා වැඩි ඇප් නිර්මාණකරුවන් විසින් මිලියන 1.2කට වඩා වැඩි ඇප් සංඛ්‍යාවක් එකතු කර ඇති නිසා මේ වනවිට රටවල් 170 ක් පුරා විසිරි සිටින පරිශීලකයන් මිලියන 390 කට වඩා වැඩි පිරිසක් මසකට Huawei  App Gallery  භාවිතා කරනවා.

එමෙන්ම මේ වන විට ගෝලීය හා දේශීය වශයෙන් ප්‍රකට  ඇප්ස් පහසුවෙන් හූවාවේ ඇප් ගැලරි තුළින් ලබා ගත හැකිය.  මීට අමතරව කිසියම් ඇප් එකක් Huawei AppGallery තුළ නොමැති නම් එම Apps සොයාගැනීම සඳහා Huawei AppGallery ය තුළ ඇති Petal Search ඇප් එකද ඔබට භාවිත කළ හැකිය.  මෙම Petal Search ඇප් එක මඟින් Find Apps විජට් එකක් දුරකථන තිරයට ලබා ගැනීමටද පරිශීලකයාට හැකි වේ.  

Petal Search මගින් පරිශීලකයින්ට app හෝ game ඩවුන්ලෝඩ් කර ගැනීමේදී පහසු හා කඩිනම් පරිශීලක අත්දැකීමක් ලබා දේ. එමෙන්ම, එමගින් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමට ඇප් මිලියන ගණනක්ද එහි පවතී.

Huawei AppGallery වෙත ගොස් Petal Search – Find Apps ලෙස search කිරීමෙන් ඉතාමත් පහසුවෙන් Petal Search ඩවුන්ලෝඩ් කර Install කර ගත හැකිය.

ඉන් පසු ස්මාර්ට් දුරකතනයේ Home Screen තුළට ගොස් ඇඟිලි තුඩු දෙකෙන් දුරකතනයේ තිරය එක වර ටච් කරන්න. එවිට ඔබට Widget ලෙසින් Icon එකක් දිස්වන අතර,  එය click කර එම මෙනුවේ හරස් අතට ගමන් කරන්න.  එහිදී ඔබට Petal Search icon එක දිස්වේ.  එය click කර home screen තුළට එක් කරන්න.  දැන් දුරකතනයේ ප්‍රධාන තිරයේ Find Apps ලෙස තීරුවක් දිස්වේ.  මේ තුළින් ඔබට ඕනෑම App එකක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකිය.  


Source -www.androidcentral.com

තව දුරටත් App Stores ගැන සලකා බැලුවිට App Stores සාමාන්‍යයෙන් ඔන්ලයින් වෙළඳසැලක (Online Store) ස්වරූපයක් ගනී. පරිශීලකයින්ට මෙම Apps වල categories හරහා සැරිසැරීමට, එක් එක් App එක පිළිබඳ තොරතුරු බැලීමට (Ratings and reviews වැනි), සහ App එක ලබා ගැනීමට (ඇතැම් අවස්ථාවල App එක මිලදී ගැනීම ඇතුළුව – බොහෝ Apps කිසිදු වියදමක් නොමැතිව පිරිනමනු ලැබේ). තෝරාගත් App එක automatic download කිරීමක් ලෙස පිරිනමනු ලැබේ. පසුව App එක install වීම සිදු වේ. සමහර App Stores වල හානිදායී software වලින් පරිශීලකයා ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව, යම් කොන්දේසි යටතේ install කරන ලද programs ස්වයංක්‍රීයව ඉවත් කිරීමට සකස් කළ system එකක් ඇතුළත් විය හැකියි. 

App Stores සාමාන්‍යයෙන් පරිශීලකයින්ට reviews සහ ratings ලබා දීමට අවස්ථාවක් උදා කරනු ලබයි. එම reviews වෙනත් පරිශීලකයින්ට, Developers හට සහ App Store හිමියන්ට ප්‍රයෝජනවත් වේ. Ratings මත පදනම්ව පරිශීලකයින්ට හොඳම Apps තෝරා ගැනීමට හැකියාවක් ලබා දෙයි. ඩිවලොපර්ස්ලා හට පරිශීලකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නා හෝ ඔවුන් අකමැති දේ පිළිබඳව feedback ලබා ගත හැකි අතර, ඉතාමත් වැදගත් තවත් දෙයක් නම් Data Mining ක්‍රමවේදයන් මඟින් reviews ස්වයංක්‍රීයව විශ්ලේෂණය කිරීමෙන් App Store හිමියන්ට තත්ත්වයෙන් බාල වර්ගයේ Apps සහ අහිතකර Apps ඉදිරිපත් කරන ඩිවලොපර්ස්ලා හඳුනාගැනීමේ හැකියාව ලැබේ. 

බොහෝ App Stores විධිමත්ව අධීක්ෂණය කරනු ලැබේ. යම්කිසි App එකක් App Store හරහා පරිශීලකයන්ට ඉදිරිපත් කිරීමට පෙර, App එක අනුමත කිරීමේ ක්‍රියාවලියක් හරහා ගමන් කිරීම අවශ්‍ය වේ. මුදල් ගෙවා ලබාගත යුතු වර්ගයේ App වල සෑම අලෙවියක් සඳහාම කොමිස් මුදලක් එකතු කර ගැනීමේ අවශ්‍යතාවය ඇතුළුව ඇතැම් guideline වලට (Quality control සහ වාරණය වැනි) අනුකූල වීම සඳහා මෙම Apps පරීක්ෂා කරනු ලැබේ. සමහර App Stores මඟින් App සංවර්ධකයින්(developers) හට feedback සපයනු ලබයි: installation වාර ගණන, field issues (Latency, crash) යනාදිය මේ අතරින් මූලික තැනක් ගනියි.

පර්යේෂකයන් විසින් App Stores හි නව විශේෂාංග සඳහා යෝජනා නිරතුරුවම ඉදිරිපත් කරනු ලබයි. නිදසුනක් ලෙස, App Store ආරක්ෂාව සඳහා App එකකට unique diversified version (අනන්‍ය සහ විවිධාංගීකරණයට බඳුන් කරන ලද අනුවාද) ලබා දිය හැකිය. එසේම App Store හි Apps වල crashes හඳුනා ගැනීමට සහ අළුත්වැඩියා කිරීමට, අධීක්ෂණය සහ දෝෂ නිවැරදි කිරීම්ද සැලසුම් කළ හැකියි.