අගමැති මහින්ද අගෝස්තු 09 යලි දිවුරුම් දෙයි

August 7, 2020 at 9:42 AM

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථිපල නිකුත් වී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මනාප ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් මිට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව බිඳ දැමීමට සමත්ව තිබෙනවා.

මේ අතර 2020 මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම මස 09 වෙනිදා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

නව ඇමති මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.