පිරිමි අයෙකුගේ නමින් කාන්තාවක් ජන්දය දැමු පුවතක් අත්තිඩියෙන් වාර්තා වෙයි

August 6, 2020 at 8:57 AM

අත්තිඩිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදී ඊයේ (5) පිරිමි අයකුගේ නමින් කාන්තාවක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව එම ඡන්ද මධ්‍යස්ථානයේ සිටි ග්‍රාම නිලධාරිවරයා පැවැසීය.

සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේදී තමාගේ නමින් ඡන්දය ප්‍රකාශ කර ඇති බව ඡන්ද මධ්‍යස්ථානයේදී තමාට දැනගැනීමට ලැබුණු බවත් එය බලවත් අසාධාරණයක් බවත් එම පුද්ගලයා කීවේය. මේ පිළිබඳව අදාළ ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමේදී යම් වරදක් සිදුව ඇති බව පෙනෙන්නේ යැයි පැවැසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් විමසීමට එම ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරු මුණ ගැසීමට උත්සාහ කළද ඒ සඳහා අවසර නොලැබුණි.

( මුලාශ්‍ර : අරුණ පුවත්පත)