ඉතා කෙටි කලකින් “HUAWEI App Gallery“ ලොව තෙවන විශාලතම ඇප් වෙලඳපල බවට පත්වේ

July 8, 2020 at 6:13 PM

2019 වසරේ ඇතිවු විවිධ බාධක හමුවේ HUAWEI සමාගම තවදුරටත් නැගි සිටීම පිළිබඳව HUAWEI පරිභෝගිකයන් ඉතා සතුටට පත්වී ඇති බව නවතම තොරතුරු මඟින් වාර්තා වනවා.සෑම කලු වලාකුළකම රිදීරේඛාවක් තිබෙන බව ස්ථිර කරමින් HUAWEI සමාගම ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ගිය වසරේදී හඳුන්වා දුන් “Huawei AppGallery“ ඇප් වෙලඳපල මේ වන විට ලොව පුරා ඉතා සාර්ථක අන්දමින් පරිශීලකයන් අතර ව්‍යාප්ත වී තිබෙනවා.

Source – https://www.xda-developers.com/the-most-popular-apps-from-huawei-appgallery/

 කෙසේවෙතත් සීමිත කාලයක් තුල සිදුවු මේ ගැටලු ගණනාවකට ඉතා ඉක්මණින් පිළිතුරු ලබාදී තම පරීභෝගිකයන්ට වඩා ගුණාත්මක සේවාවක් ලබාදීමට තමන් කටයුතු කරන බව HUAWEI සමාගම ලබාදුන් පොරොන්දුව මේ වන විට ඉතා සාර්ථක ප්‍රතිපල අත්කරගෙන තිබෙන බව දකින්නට පුලුවන්.එ අනුව මේ වනවිට කෙටිකලකින් ලොව තෙවන විශාලතම ඇප් වෙළඳපොල බවට “HUAWEI App Gallery“ පත්කිරීමට HUAWEI සමාගමට  හැකියාව ලැබි තිබෙනවා.

Source – https://consumer.huawei.com/en/community/details/%5BHuawei-Developer-Day%5D-AppGallery-In-Focus/topicId_67595/

මෙවැනි සාර්ථකත්වයක් අත්කර ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ආයොජනයක් සහ ලොවපුරා සිටින ඇප් නිර්මාණකරුවන් සඳහා තවත් ඩොලර් මිලියනක ආයෝජනයක් HUAWEI සමාගම විසින් දරා තිබෙනවා.මීට අමතරව “Huawei AppGallery “ හි ගුණාත්මක බව සහ ආරක්ශිත බව පවත්වා ගැනීමට සිංගප්පූරුව, මෙක්සිකෝව, ඩූබායි, මොස්කව් සහ තවත් ලොව ප්‍රමුඛ පෙලේ නගර වල DigiX පරීක්ෂාගාර 8ක් පවත්වාගෙන යාමටද හූවාවේ සමාගම උත්සුක වී තිබෙනවා.එමෙන්ම “Huawei AppGallery“ හි වේගවත් සංවර්ධන සහ නව අංගයන් කඩිනමින් එකතු කිරීමට ව්‍යාපාර සංවර්ධන නිලධාරින් 700ක්, දේශීය සහය කණ්ඩායම් සඳහා සේවකයන් 300ක් සහ පර්යේශන සංවර්ධන නිලධාරීන් 4000ක් අන්තර්ජාතිකව යෙදවීමට HUAWEI සමාගම කටයුතු කිරීම පැසසුමට ලක් කලයුතුම කරුණක්.

මේ ආකාරයට එතෙක් මෙතෙක් කිසිදු දුරකථන සමාගමක් සිදුනොකල ආකාරයේ දැවැන්ත සහ වේගවත් ආයෝජන කටයුත්තක් ලෙස ආරම්භ වූ “Huawei AppGallery“ සඳහා මිලියනයකට වඩා වැඩි ඇප් නිර්මාණකරුවන් විසින් මිලියන 1.2කට වඩා වැඩි ඇප් සංඛ්‍යාවක් එකතු කර ඇති නිසා මේ වනවිට රටවල් 170 ක් පුරා විසිරි සිටින පරිශීලකයන් මිලියන 390 කට වඩා වැඩි පිරිසක් මසකට පැමිණෙන බවත් එයට 100,000 කට අධික ශ්‍රී ලාංකික පරිශීලකයන්ද අයත් බව HUAWEI සමාගම පවසා සිටිනවා.

Source – https://consumer.huawei.com/en/community/details/%5BHuawei-Developer-Day%5D-AppGallery-In-Focus/topicId_67595/

එමෙන්ම HUAWEI සමාගම පවසන පරිදි “Huawei AppGallery““ හරහා මේ වනවිට ලොවපුරා පරීශීලකයන් භාවිතා කරන ඇප් සියල්ල පාහේ භාගත කරගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.මේ අතර ශ්‍රී ලංකාවේ පරීශීලකයන් අතර ජනප්‍රිය ඇප් සියල්ලම පාහේ “Huawei AppGallery““ තුල නිල වශයෙන් ඇතුලත් කර තිබීමත් විශේෂ කරුනක්.එමෙන්ම HUAWEI සමාගම පවසන ආකාරයට නුදුරු අනාගතයෙදී තවත් ඇප් විශාල සංඛ්‍යාවක් ඇතුලත් කිරීමට නියමිතයි.

Huawei App Gallery

Get to know all about Huawei App Gallery by Chanux Bro

#HuaweiAppGallery #HuaweiLK

Posted by Huawei Mobile on Monday, 1 June 2020

මීට අමතරව “Huawei AppGallery“ හි දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයක් ලෙස “Petal search“ පහසුකම හූවාවේ සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.මෙය වෙනත් කිසිදු ඇප් වෙලඳපලක දැකිය නොහැකි නිල වශයෙන් HUAWEI සමාගම හඳුන්වා දුන් පහසුකමක් වන අතර “Petal search“ මඟින් පරිශීලකයන්ට “Huawei AppGallery“ හි ලබාගැනීමට නොහැකි ඇප් ලොව තිබෙන වෙනත් විශාලතම ඇප් වෙලඳපලවල් වලින් ක්ෂණිකව ලබාගැනීමට හැකියාව ලබාදී තිබෙනවා.මේ සඳහා ප්‍රථමයෙන්ම හුවාවේ පරිශීලකයින් “Huawei AppGallery“ හරහා Petal search“ යෙදවුම භාගතකර ගත යුතුයි. ඉන්පසුව එහි ඇති “Search Bar“ එකෙහි පරිශීලකයාට කැමති ඕනෑම ඇප් එකක නම ඇතුලත් කර එම ඇප් භාගත කර ගැනීමට හැකියාව ලබාදී තිබෙනවා.මෙහි ඇති අනෙක් විශේෂ කාරණය නම් මෙලෙස භාගත වන ඇප් වල ආරක්ෂාව HUAWEI ආයතනය විසින් භාගත කරන අවස්ථාවේ පරීක්ශා කර සහතික කිරීමයි.

මේ ආකාරයට ජාත්‍යන්තරව එල්ලවූ ගැටලු,බාධක හමුවේ HUAWEI සමාගම තම ආයෝජනයන් තුලින්ම ඉතා කෙටි කලක් තුලදී සිදුකර ඇති කාර්යන් ලොව පුරා විසිරි සිටින හුවාවේ පරීශලකයන්ගේ නොමඳ පැසසුමට ලක්වී තිබෙන අතර ඉදිරියෙදී “Huawei AppGallery ඇප් වෙලඳපල ලොව අංක එකේ ඇප් වෙලඳපල බවට පත්කිරීමට දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවත් එමඟින් සියලු පරීශීලකයන්ට තවදුරටත් වර්ධනය වූ ගුණාත්මක සේවාවක් ලබාදීමට කටයුතු කරන බවටත් HUAWEI සමාගම පවසයි.