“මුරලි” 21 වන සියවසේ වටිනාම ක්‍රීඩකයා ලෙස නම් කෙරේ

June 29, 2020 at 11:45 AM

21 වන සියවසේ ලොව වටිනාම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ශ‍‍්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබෙනවා. ඒ කි‍්‍රකට් දත්ත විශ්ලේෂණ සමාගමක් සහ විස්ඩන් සගරාව විසින්.

එම කි‍්‍රකට් දත්ත විශ්ලේෂන සමාගම සහ විස්ඩන් සගරාව 21 වන සියවසේ වටිනාම කී‍‍්‍රඩකයින් 30 දෙනෙකු ප‍‍්‍රකාශ පත් කළ අතර එහි ඉදිරියෙන්ම පසුව ඇත්තේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.

තෝරාගත් කී‍‍්‍රඩකයින්ගේ දත්ත, 2000 වසරේ සිට 2020 වසර දක්වා අයත් බවයි විස්ඩන් සගරාවේ අලෙවි අධ්‍යක්ෂවරයා සදහන් කළේ. මුත්තයියා මුරලිදරන් දවාගෙන ඇති ටෙස්ට් කඩුලූ 800න් කඩුලූ 573ක්ම ඔහු දවාගෙන ඇත්තේ 2000 වසරේ ජනවාරි පළමු වැනිදා සිට 2010 වසර දක්වායි. ඒ සදහා ඔහු වැය කළ ටෙස්ට් තරග සංඛ්‍යාව 85ක්.

එම කාලසීමාවේදී මුරලි අභිබවමින් කඩුලූ 584ක් දවාගෙන තිබුණේ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්.

කෙසේවෙතත් ඔහු එම කඩුලූ සංඛ්‍යාව දවා ගැනීමට ටෙස්ට් තරග 151ක් වැය කර තිබීම හේතුවෙන් මුත්තයියා මුරලිදරන් 21 වන සියවසේ වටිනාම කි‍‍්‍රකට් ක්‍රීඩකයා ලෙස නම් කිරීමට විස්ඩන් සගරාව තීරණය කළා.