2011 ලෝක කුසලාන අවසන් තරගයේදී ක්‍රීඩකයින් ආදේශ කිරිම ක්‍රීඩා අමාත්‍යංශය අනුමත කරලා : සති අන්ත පුවත්පතක් කළ සුවිශේෂී හෙළිදරව්ව

June 28, 2020 at 8:12 PM

2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ සිදුකරනු ලැබූ වෙනස්කම් දෙක සම්බ්න්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන්ගෙන් අනුමැතියක් ලබා නොගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පෞද්ගලික මාධ්‍ය නාලිකාවක පැවති වැඩසටහනක් අතර වාරයේදී ප්‍රකාශ කර සිටියා.

අවසන් තරගය වන විට ශ්‍රී ලංකා පිලේ ඇන්ජලෝ මැතිව්ස් සහ මුත්තයියා මුරලිදරන් ආබාධයන්ට ලක්ව තිබීම හේතුවෙන් ඔවුන් වෙනුවට අරවින්ද ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ සිටිය චමින්ද වාස් සහ සුරාජ් රන්දිව් ආදේශ ක්‍රීඩකයින් ලෙස කැඳවීමට පියවර ගනු ලැබුවා. එම ආදේශකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව විසින් අනුමැතිය හිමිව තිබුණා.

කෙසේ වුවත් එවැනි ආදේශකයක් කිරිමට තමන් අනුමැතිය ලබා නොදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශය කලත් එම ආදේශකයට ඔහු විසින් අනුමැතිය ලබාදුන් ලිපියේ පිටපතක් සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් විසින් පළකොට තිබෙනවා.

ලෝක කුසලාන අවසන් තරගය පැවති 2011 අප්‍රේල් මස 02 වෙනිදාට දින 03 කට පෙර තේරීම් කමිටුවේ ක්‍රීඩා ආදේශකයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඊට දින 03 කට පෙර විසින් අනුමැතිය ලබාදී අත්සන් තබා ඇති බවයි.