තරග පාවා දීමේ චෝදනා ගැන විමර්ශන ඇරඹේ : ප්‍රකාශය ගැන මහින්දානන්දගෙන් වාර්තාවක්

June 24, 2020 at 8:03 AM

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ  ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

අද උදෑසන ඔහුගේ නිවසේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශය සටහන් කර ගත් බව යි  එම විමර්ශන ඒකකය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර සිටියේ.

‍2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයට අදළව මෙම ප්‍රකාශය ලබා ගනු ලබනවා.

මෙහිදී තමන් සිදුකළ ප්‍රකාශයට අදාළව හිටපු අමාත්‍යවරයා පිටු 6 කින් යුත් කරුණු 24ක වාර්තාවක් විමර්ශන කණ්ඩායම ට භාරදී තිබෙනවා.