ලංකාවේ ක්‍රිකට් වල අංක 01 මමයි : තිලංග මහේලට පිළිතුරු දෙයි (VIDEO)

June 24, 2020 at 1:10 PM

ලංකාවේ ක්‍රිකට් කේෂ්ත්‍රයේ අංක එක තමන් බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙක් වන තිලංග සුමතිපාල ප්‍රකාශ කර සිටිනවා.

තිලංග සුමතිපාල මේ බව ප්‍රකාශ කළේ Hari TV ආයතනය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

තමන් විසින් සිදුකළ ප්‍රකාශයකට පසුගියදා මහේල ජයවර්ධන ලබාදුන් පිළිතුරට ප්‍රති පිළිතුරු වශයෙන් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා මෙහිදී අදහස් දැක්වුවා.

” ලක්බිම කියලා බැට් එකේ ගහ ගෙන ගිහින් පළවෙනියට අනුග්‍රාහකත්වය දක්වලා තරගයට සෙල්ලම් කරපු ඒ චුටි කොල්ලට දැන් මුල අමතකයි.

ක්‍රීඩා ඇමතිවරු හදනවා බලයට ආවට පස්සේ තනතුර ලබා ගත්තට පස්සේ ඔහු ක්‍රිකට් ඇමති වෙන්න.

මේ ලඟදි ක්‍රිකට් ගහලා සමුගත්තු සමහර තරු ඉන්නවා තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ, තමන් ක්‍රීඩා කළ ආයතනය මතක නැහැ.

මුරලිදරන් සමහර විට මම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුඅරන් බොහෝ කාලයකට කලින්.” ඔහු කියා සිටියේය.

සම්පූර්ණ සාකච්චාව 👇

Watch full episode https://youtu.be/G_xdIEwYK80

Posted by Hari TV on Tuesday, 23 June 2020