බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවයි

June 24, 2020 at 5:12 PM

ලබන ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බැවින් දෙරටේ ක්‍රිකට් ආයතනයන් මගින් මෙම තීරණය ගනු ලැබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටින්නේ.