පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 03 දෙනෙකුට කොරෝනා

June 22, 2020 at 10:24 PM

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරිමට නියමිතව තිබෙන අවස්ථාවේදී ඔවුන් මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.

හෙයිඩර් අලී, හරිස් රාවුෆ් සහ ෂබාබ් ඛාන්
හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු ඇත්තේ රාවල්පිණ්ඩි හිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදීය.

මෙම ක්‍රීඩකයින් තිදෙනාට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නොමැති බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.