කොවිඩ්19 මැද අපූරු මංගල්‍යයක්

May 19, 2020 at 12:44 AM

දර්ශන සහ පවනි විවාහ මංගල්‍යය ට සූදානම් වුණේ කලක. පටන්.

ඔවුන් ජීවත් වෙන්නෙ මාලිම්බඩ ප්‍රදේශයේ.

නමුත් කොවිඩ්19 වසංගතය නිසා රට අකර්මණ්‍ය වීමත් එක්ක ඔවුන් සිය විවාහ උත්සවය කල් දමනවා වෙනුවට අපූරු සැලසුමක් ක්‍රියාත්මක කළා.

ඒ චාරිත්‍ර පමණක් ඉටු කොට සිය විවාහ මංගල්‍යය උත්සවයේ සියලු වියදමින් ප්ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන්ට උදව්වක් කරන්න.
මඟුල් ඇඳුමින්ම මේ සද් කාර්‍යයේ නිරත වුණු ඔවුන් දෙදෙනා ගැන පුවත පළකර තිබුණේ AP පුවත් සේවය.
මේ යහපත් වැඩේ ගැන සැළවූ ඔවුන්ගේ හිතමිතුරන් තවත් තෑගි මේ යුවලට එව්වා කියලයි ඔවුන් කියන්නෙ .

සුබ මංගලම්!