ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන සෑදීමට මුදල් ලබා දී නැහැ – ICC කියයි

May 19, 2020 at 8:16 PM

හෝමාගමදී ඉදි කිරිමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරිම සඳහා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය කිසිදු අවස්ථාවක මුදල් ලබා දීමට එකඟ වී නොමැති බවට වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරි රාජ්ශේකර් රාඕ සම්බන්ධ කර ගනිමින් මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක් (නිව්ස් ෆස්ට්) විසින් සිදුකළ සාකච්ජාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි දෙයක් සම්බන්ධයෙන් සාකච්ජාවක් හෝ එකඟතාවයක් පලවී නොමැති බවයි.

අමෙරිකානු ඩොලර් මිලියන 40 ක වියදමින් ප්‍රේක්ෂකයින් 60,000 කට අසුන් ගැනීමට හැකිවන පරිදි මෙම ක්‍රීඩා පිටිය හෝමාගම, ඩයගම පිහිටි රජයට අයත් අක්කර 26 ක භුමි භාගයක ඉදිකිරිමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මීට වසර 04 කට පෙර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්‌ සෑදීම සඳහා වෙන් කළ ඩොලර් මිලියන 30ක් මේ සඳහා යොදා ගන්නා බවයි.

හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශය පහතින්,

https://youtu.be/nKQRiNxwOCA