සම්බුදු තෙමඟුල නිවෙස් වල සිට බැතියෙන් සැමරේ! වෙහෙර විහාර ජනශුන්‍ය වෙයි.

May 7, 2020 at 7:55 AM

සම්බුදු තෙමඟුල සැමරෙන උතුම් වෙසක් පෝ දිනය අදයි.

මෙවර කොවිඩ්19 වසංගතය හේතුවෙන් ජනතාව වෙසක් සැමරුමට එක් වන්නේ නිවෙස්වල සිට වීම සුවිශේශත්වයකි.

දන්සැල් තොරණ බැති ගී ආදිය සංවිධානය නොකරන ලෙස රජය උපදෙස් දී තිබේ.
ඊයේ රාත්‍රී 8 සිට ලබන සඳුදා දක්වා මුලු දිවයිනටම ඇඳිරිනීතිය ද පණවා ඇත.

මේ වෙනදාට බැතිමතුන්ගෙන් පිරී යන මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයයි.