Huawei ‘’Together 2020 Warm Action’’ වැඩසටහන හරහා පාරිභෝගිකයින්ට සහන රැසක්

April 28, 2020 at 3:06 PM

ස්මාර්ට් දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා ’Together 2020 Warm Action’’ නමින් වැඩසටහනක් දියත් කරමින් සිය ස්මාර්ට් උපාංග පරිශීලකයින්ට කඩිනම් තාක්ෂණික සේවා සැපයීමට ක්‍රියා කර ඇත. රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට විශිෂ්ඨ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මෙම වසරේ මැයි 31 දක්වා ක්‍රියාත්මක වේ.  මෙම වැඩසටහන හරහා සියලුම Huawei ස්මාර්ට් උපාංග සඳහා විශිෂ්ඨ අළෙවියෙන් පසු සේවාවක්, වගකීම් කාල සීමාවේ දීර්ඝ කිරීමක්, නොමිළයේ කුරියර් සේවාවක් මඟින් දුරකථනයේ ගැටළු විසඳා ගැනීමේ හැකියාවත්, තෝරාගත් ස්මාර්ට් ජංගම උපාංගයන්හි අමතර කොටස් සඳහා 20% ක සුවිශේෂී වට්ටම් ලබා ගැනීමේ හැකියාවත් ඇතුළුව විවිධ පහසුකම් රැසක් හිමි වනු ඇත

මෙම වැඩසටහනට පෙර Huawei විසින් සිය පරිශීලකයින්ගේ පහසුව පිණිස ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දීම සිදු කරන ලදී. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති  Huawei Support  APP හරහා අවම කාලයක් සහ අවම පිරිවැයකින් ස්මාර්ට් දුරකතනයන්හි පැන නගින විවිධ ගැටළු ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ අවස්ථාව පරිශීලකයින්ට හිමි වේ. 

පවතින තත්වය හමුවේ සිය පරිශීලකයින් මුහුණ දෙන ගැටළු හඳුනා ගනිමින් ඔවුන්ට උසස් සේවාවක් සැපයීමේ අරමුණ ඇතුව ආරම්භ කරන ලද මෙම නව වැඩසටහන තුළින් වගකීම් කාල සීමාව තුල පැන නගින විවිධ ස්මාර්ට් දුරකථන ගැටළු නිරාකරණය සඳහා සේවා මධ්‍යස්ථාන වලට යෑමට නොහැකි වීම තුලින් අපහසුතාවයට පත් පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන වල වගකීම් කාලය 2020 මාර්තු 17ත් මැයි 30ත් යන කාල සීමාව තුළ අවසන් වන්නේ නම් ඔවුන්ට දැන්  මැයි 31 දක්වා එම සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව සලසා දී ඇත. මෙම වගකීම් කාල සිමාවේ දීර්ඝ කිරීම බොහෝ පරිශීලකයින්ට ඉතා සුභදායී ආරංචියක් වනු ඇති. 

මෙම ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දක්වමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා පවසා සිටියේ මෙම අසීරු කාල සීමාව තුල සිය පරිශීලකයින්ගේ  ජංගම දුරකථන ගැටළු නිරාකරණය කර ගැනීම උදෙසා පිළියමක් සපයමින් ඔවුන්ගේ  පහසුව පිණිස පුළුල් විසඳුම් මාලාවක් ඇතුළුව මෙම වැඩසටහන දේශීයව ක්‍රියාත්මක කිරීමට හැකි වීම පිළිබඳ හෙතෙම සතුටට පත් වන බවයි. තවද සිය පාරිභෝගිකයින්ගේ පහසුව පිණිස Huawei ආයතනය විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන හරහා සුමට සහ විශිෂ්ඨ ජංගම දුරකථන අත්දැකීමක් ළඟා කර ගැනීමට අවශ්‍ය සේවා අත් විඳින  මෙන් සියළුම පරිශීලකයින්ට ආරාධනා කර සිටින ලෙසද හෙතෙම පවසා සිටී. 

මෙම සුවිශේෂී වැඩසටහන මඟින් දිවයින පුරා විසිරුණු තෝරාගත් එකතු කිරීම් මධ්‍යස්ථානයන්ට ඔබගේ දෝෂ සහිත ජංගම දුරකථනය බාර දුන් විට, කඩිනමින් ක්‍රියාත්මක වන කුරියර් සේවාවක් ඔස්සේ ළඟම සේවා මධ්‍යස්ථානය වෙත එම දුරකථනය බාර දීම සිදු කරන අතර දෝෂ නිවැරදි කිරීමෙන් පසු නැවතත් කුරියර් සේවාවක් ඔස්සේ එකතු කිරීම් මධ්‍යස්ථානය වෙත අදාළ දුරකථනය යැවීම සිදු කරයි. මීට අමතරව 20% ක විශේෂ වට්ටමක් යටතේ පරිශිලකයින්ට වගකීම් කාල සීමාවෙන් පිටත (out of warranty) දෝෂ නිරාකරණය සඳහා ලබා දෙන දුරකථන වලට අවශ්‍ය උපාංග සහ අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාවක් පවතී.  මෙය මෙම කාල සීමාව තුලදී පරිශීලකයින්ට හිමි වන විශාල සහනයක් ලෙස සැලකිය හැකිය.  Huawei Support App මඟින් පරිශීලකයින්ට සේවා මධ්‍යස්ථාන වල කාලය නාස්ති කිරීමකින් තොරව සුවිශේෂී ක්‍රම වේදයක් හරහා ආරක්ෂිතව ස්මාර්ට්ෆෝන් ගැටළු පහසුවෙන් විසඳා ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙම app හි  Smart Diagnosis හරහා ඉතා පහසුවෙන් දුරකතනයේ  software සහ  hardware පිළිබඳ ගැටළු, දුරකථන තිරයේ හට ගන්න විවිධ ව්‍යාකූලතා, බල පරිභෝජනය සහ charging සම්බන්ධ දෝෂ, Connectivity, ජංගම දුරකථන ජාලය අවහිරතා, පද්ධති බිඳ වැටීම්, App සහ කැමරා සම්බන්ධ ගැටළු ඇතුළු ඕනෑම ආකාරයේ ගැටළුවක් ඉතා ඉක්මනින් පරිශීලකයාට දැන ගැනීමේ අවස්ථාව හිමි වේ.   Support App > Services > Smart Diagnosis > TEST NOW හරහා මෙම සේවාවන් සඳහා පිවිසීමේ හැකියාව පාරිභෝගිකයාට හිමි වේ.