අපේ දේ අපට හොඳයි..!

April 25, 2020 at 5:30 PM

මේ අපි ජාතියක් වශයෙන් එක්ව නැඟී සිටිය යුතු, එක්ව සටන් කල යුතු කාලයක්. එක් ව්‍යසනයක් අප රටේ ආර්ථික , සමාජීය සුසුම්නාවට පහර දෙමින් සිටියි. අප වෙනුවෙන් ලෝකයේ අතී මානුෂීය ත්‍රිවිධ හමුදාව සහ අති දක්ෂ සුව විරුවෝ සටන් පෙරමුණේ සටන් වදිති. ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස, ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙස නැඟී සිටිමේ ප්‍රතිලාභ පිළිබඳව උගත් පාඩමට අත්වැලක් වනු පිණිස නිර්මාණය වු මේ ” Made in Srilanka ” ගීතය ඔබ අභියස , අප මාතෘ භූමිය අභියස පූජා කෙරෙන්නේ මහා දේශාභිමානී , ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිය හැඟීමකිනි.
මේ ගීතය කිසිම වානිජ අරමුණකින් තොරව නිර්මාණය වු එකකි.

චින්තන පරිවර්තනයක් උදෙසා පමණක් නිර්මාණය වුවකි.

පද රචනය – සම්පත් ප්‍රනාන්දුපුල්ලේ

සංගීතය – චතුරංගන ද සිල්වා
ගායනය –

නලීන් පෙරේරා
රොෂාන් ප්‍රනාන්දු
බාචී සුසාන්
ලන්ත්‍රා පෙරේරා
නදීර නෝනිස්
රයිනි ගුණතිලක
ට්‍රි⁣ෂෙල් විජේතුංග
උපේකා ද සිල්වා
ජූඩ් රෝගන්ස්
චන්දුමාල් ප්‍රනාන්දු
ඩුෂාන් ජයතිලක
චන්දන හෙට්ටිආරච්චි
ප්‍රසංග තිසේරා
මිහිඳු ආරියරත්න
සුපුන් පෙරේරා
පූර්ණ සචින්ත
සෙව්වන්දි වීරසිංහ
ප්‍රියාල් දිසානායක
සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සඳුන් ඇතුලත්මුදලි

වාදනය –

ඩවීඩ් සේනාරත්න
අජිත් කොඩිකාර
ප්‍රසාද් ජයසූරිය

වීඩියෝකරණය – හසිත ජයසන්ක

Made in Srilanka 🇱🇰🇱🇰
————————————-

වස විස නැතිදේ හෙට සිරි සැප දෙන්නා
පර ගැති නැති උන් මුළු ලෝකය දින්නා
ඉපදුනු පොළොවයි අපි සිරිලක හින්දා
අපේ දේ අපිට හොඳයි Made in Srilanka

පොත්ත රතුයි දිස්නේ ගහයි විච්චූරන වරුණේ
අගුණ ගොඩයි ගාන අඩුයි මෙව්වා පිටරට බඩුනේ
කටට රහට නහර දිගේ වස විස දේ ඇයි හැලුවේ
යහ ගුණ දේ අඩු නෑ බං මේ ලක්බිම දෙරණේ

ඇහැට සැපයි ගමන සුභයි යනකොට රවුමේ
රස්නේ ටිකයි සීත ටිකයි ගහකොළ හිනැහෙයි ගැම්මේ
හණමිටි හිත පාගා ගෙන නැඟිටිය යුතුමයි පිම්මේ
අළුත් අළුත් දේ හදලයි කවුරුත් ලෝකය දින්නේ

කට්ට කාලා හැදුන එවුන් ජිවිතේ රහ ගුණ දන්නේ
තැලෙන තැලෙන යකඩේ තමයි සවි ශක්තිය තිබුණේ
පටුම තැනින් එගොඩ වෙයං ගඟ දිය ගැඹුරුයි මිතුරේ
වැටුන තැනින් නැඟිට වරෙං අපි නෑ පැරදිලා සටනේ